හොරොයින් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 15 ක් අත්අඩංගුවට


(ක.ග.කරුණාරත්න)
 
අරලගංවිල පොලිස් වසමේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් මත්කුඩු,ගංජා, කසිප්පු සහ ගෝඩා ළඟ තබාගෙන සිටි පුද්ගලයෝ 15 දෙනෙකු අද(11) අලූයම අත් අඩංගුවට ගත් බව අරලගංවිල  පොලීසිය කියයි.
 
ඊට අමතරව රාත‍්‍රී කාලයේ  ඇඳිරි නීතිය කඩ කිරීම් සිදුකල 21 දෙනෙකුද පොලිස් අත් අඩංගුවට පත්වී ඇත.
 
සැකකරුවන් සියලූම දෙනා අරලගංවිල පොලිස් වසමේ පදිංචිකරුවන් බව හෙළිවී තිබේ.
 
මෙම විශේෂ මෙහෙයුමේදී හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 08යි මිලිග‍්‍රෑම් 10ක්,කසිප්පු මිලි ලීටර් 6000ක්,ගෝඩා මිලි ලීටර් 1,70.000ක් සහ කේරළ ගංජා ග‍්‍රෑම් 02ක් සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන ඇත.
 
 අත් අඩංගුවට ගත් කසිප්පු තොගය වෙසක් සතියේ අරලගංවිල නගරය සහ ඒ අවට ගම්මානවල අලෙවි කිරීම සඳහා බෙදාහැරීමට සූදානම්කර තිබූ ඒවා බව සැකකරුවන් පොලීසියට ප‍්‍රකාශකර තිබේ.
 
සැකකරුවන් සියලූම දෙනා අද(11) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
 
 පොලොන්නරුව ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී  ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි අරලගංවිල පොලීසියේ ස්ථානාධිපති,ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.පී.ඩබ්ලිව්.පේ‍්‍රමලාල් මහතාගේ මෙහෙයැවීමෙන්  මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.