(ජයන්ත සමරකෝන්)
කොළොන්නාව ප්‍රදේශයේ කරන ලද හදිසි වැටලීමකදී හොරෙන් ජලය ලබාගත් අවන්හල් 2කට, බේකරි 2කට, ඉදිකිරීමේ වැඩබිමකට සහ නිවාස 10කට රුපියල් ලක්ෂ 22ක දඩමුදලක් නියම කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසයි.
ජල බිල්පත් නොගෙවීම මත මෙම ගෘහස්ථ හා ව්‍යාපාරික ස්ථාන සියල්ලෙහිම ජල සැපයුම විසන්ධි කර තිබූ බවද, වෙනත් ජල සම්බන්ධතාවන් යොදාගෙන දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජල සොරකම කර ඇති බවද පරීක්ෂණවලදී හෙළි වී ඇත.
හිඹුටාන, අංගොඩ හා කොටිකාවත්ත ප්‍රදේශවල ජල සොරකම සිදුව ඇති බවට ලද පැමිණිලි ගණනාවක් අනුව කොළඹ අනවසර ජල වැටලීම් අංශය මෙම පරීක්ෂාව කර ඇතැයිද එම මණ්ඩලය සඳහන් කරයි.
හොරෙන් ජලය ලබාගත් ස්ථාන 15කට ලක්ෂ 22ක දඩයක්
Recommended Articles