ජයන්ත සමරකෝන්
මහල් 6 කින් යුත් සිය ව්‍යාපාරික ආයතනයට වසර හතරක් තිස්සේ හොරෙන් ජලය ලබාගත් කෝටිපති ව්‍යාපාරිකයකුට මණ්ලයට අහිමි කළ ආදායම වෙනුවෙන් රුපියල් 716,565 ක දඩ මුදලක් නියම කළ බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ලය පවසයි.
වරද පිළීගැනීම හේතුවෙන් මණ්ඩලය මගින් දඩ මුදල් නියම කෙරුණෞ කොටහේන ක්‍රිස්ට් පෙරේරා මාවතේ පදිංචි ව්‍යාපාරිකයකුටය.
මෙම මහල් 6 ක ගොඩනැගිල්ල උත්සව ශාලා 3 ක් ත්‍රිමාන සිනමා හල් 3 ක් ඇතුළු කාර්යාල ගණනාවකින් සමන්විත බවද මණ්ඩලය සඳහන් කරයි.