( රංජිත් රාජපක්ෂ )
කිරි ගවයන් තිදෙනෙකු සහ ගවයන් දෙදෙනෙකු බලපත්‍ර නොමැතිව හිංසාකාරි ලෙස මස්කෙළියේ සිට ගම්පොල දක්වා ප්‍රවහනය කරමින් සිටි සැකකරුවන් නව දෙනෙකු මස්කෙළිය පොලිසිය විසින් අද (22) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
මස්කෙලිය සාමිමලේ මල්ලිඅප්පු ප්‍රදේශයේ වර්ෂාවෙන් පිඩාවට පත්ව අවතැන් වි සිටි කිරිගොවින් තම ගවයන්ව නිවස අසල පට්ටිවල ගාල් කර සිටියදී මෙම සොරකම සිදුවී තිබේ.
මස්කෙලිය සාමිමලේ ප්‍රදේශයේ රාත්‍රි මුර සංචාරයේ යෙදි සිටි පොලිස් නිලධාරින් විසින් ලොරි රථය පරික්ෂා කිරිමේදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි වි ඇත.
සැකකරුවන් පැමිණි ත්‍රිරෝද හතරක් සහ ලොරි රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර මෙම සැකකරුවන් ගම්පොල,වැලිගල්ල , උලපනේ,මස්කෙලිය සහ හැටන් දරවල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.