(රංජිත් රාජපක්‍ෂ)
මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරයකු හා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියකු වශයෙන් පෙනි සිටිමින් හැටන් නගරයේ ආපන ශාලාවල වෙළඳසල් පරික්‍ෂා කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සදහා හැටන් නගර සභාව හා නුවරඑළිය පාරිභෝගික සේවා අධීකාරියේ නිලධාරින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
හැටන් නගරයේ තෝරාගත් වෙළෙඳසල් ආපන ශාලා කිහිපයකට මෙම සැකකරු ගොස් එහි ඇති අඩුපාඩුකම් ගණනාවක් සම්බන්ධයෙන් රැපියල් 25000ක දඩයක් ගැසිමට සිදුවන බව පවසා එය සමථයකට පත් කර ගැනිමට මුදල් ඉල්ලා ඇතැයි කියැවේ.
එසේ පැමිණි පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කරන ලෙසට වෙළෙඳසල් හිමියන් ඉල්ලා සිටියත් ඔහු හැදුනුම්පතක් ඉදිරිපත් කිරිමට අපොහොසත් වී තීබේ.
එම නිසා වෙළෙඳසල් හිමියන් සැකකරුව ජංගම දුරකථනයකින් ජායාරූපගත කර අදාළ නිලධාරින් දැනුවත් කිරිමට පියවර ගෙන තිබේ.