බිම්බෝම්බ පිළිබඳව ඇමැරිකා එක්සත් ජනපද මුලස්ථාන කොට ලොව පුරා ක්රියාත්මත වන මාෂල් ලිගර්සි ආයතනය වාර්ෂිකව සංවිධානය කරන මාර්ග සෝදිසි සැමරුම් උළෙලේ 2016 වසරේ හොදම බිම්වෙඩි හදුනා ගැනීමේ කණ්ඩායම ලෙස ශ්රී ලංකා යුද හමුදාවේ කාරක ඉංජ්නේරු රෙජ්මේන්තුවේ ඇලිවින් සුනඛයා සහ ඇල්වින් සුනඛයා හසුරවන්නා වන ලාන්ස් කෝප්රල් ජී එන් ඩබ්ලිව් නවරත්න තේරීපත්ව ඇති බව යුද හමුදා ව කියයි.
ලබන 26 වැනි දින ඇමැරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වෙන එම උත්සවයේ දී සම්මාන පිරිනැමීම සිදු කිරීමට නියමිතය.
බිම්බෝම්බ නිරීක්ෂණ කණ්ඩායම 2011 දෙසැම්බර් 28 වැනි දින සිට උතුරු නැගෙනහිර ප්රදේශයන් හි බිම්බෝම්බ නිෂ්ක්රීය කිරීමේ රාජකාරි වල නියැලි ඇති අතර ඔවුන් මේ දක්වා වර්ග මීටර් 73,340 ක භූමි ප්රමාණයක ආර් බී ජී උණ්ඩ 20 ක්, අත්බෝම්බ 48 ක්, පුද්ගල නාශක බෝම්බ 137 ක්, පුපුරා නොගිය බෝම්බ 24 ක්, ඩෙටනේටර් 18 ක් සහ පතරොම් 243 ක් ඉවත් කර ඇති යුද හමුදාව කියයි.
(ඡායාරූප යුද හමුදාවෙනි)