හේවාහැට විදුලි සැපයුමේ දෝෂයක්


(ඩබ්ලිව්.ඒ. අසේල)

හේවාහැට ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුමේ සිකුරාදා (09) රාත්‍රියේ දී ඇතිවූ දෝෂයක් නිසා නිවාසවල විදුලි බුබුළු හා විදුලි උපකරණවලට දැඩි ලෙස හානි සිදුව ඇතැයි ප්‍රදේවාසීහු පවසති.

නවනැලිය කොටගේපිටිය කිරිවානාකැටිය ගම්වල මෙලෙස උපකරණවලට හානි සිදුව ඇත.
 
සිකුරාදා දහවල් නඩත්තුවක් සඳහා සැපයුම විසන්ධි කර ඇති අතර නැවත රාත්‍රියේ විදුලි සැපයුම ලබා දි ඇත.ඊයේ රාත්‍රියේ ඇතිවූ මෙම තත්ත්වයෙන් පසු මේ වන තෙක් විදුලිය ලබා දී නැති බවත් මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ප්‍රදේශවාසිහු චෝදනා කරති.

මේ ගැන විදුලි බල මණ්ඩලයේ ගලහ සේවා ස්ථානයෙන් කළ විමසීමකදී පැවසුවේ එවැනි සිද්ධියක් ගැන තොරතුරු ලැබී ඇති බවත් දැනට නිවාස වල ප්‍රධාන ස්විචය ක්‍රියාවිරහිත කිරීමට උපදෙස් ලබා දි ඇති බවත්ය.

මේ  සම්බන්ධයෙන් ඉක්මනින් සොයා බැලීමට කටයුතු යොදා ඇති බවද එම කාර්යාලය පැවසීය