(උපාලි රණවීර)
ගම්පහ හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට පත්කිරීමේ උත්සවය අද(05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.
මෙම අවස්ථාවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ ජාතික පාසලක් බවට පත්කිරීම සැබෑ යතාර්ථයක් බවට පත්වන්න නම් රටට වැඩදායී දරුපරපුරක් දායාද කළ යුතු බවය. විදුහල්පතිවරයා හා ගුරුවරුන්ටත්, සිසු දරුදැරියන්ටත් විශාල කාර්යභාරයක් පැවරන බවද ඒ මහතා කියා සිටයේය.
විදුහල්පති විජය සත්‍යජිත් කුලරත්න මහතා ජනාධිපතිවරයාට හා පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාට සිහිවටන තිළිණ ප්‍රදානය කළේය.
හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන් වන කපිතාන් ප්‍රදීප් පෙරේරා, යු. ජෝර්ජ් පෙරේරා, කැලණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක රංජිත් ජයසුන්දර, මහර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක නීල් සමන්ත අතුකෝරල යන මහත්වරුද, ගුරුමහත්ම මහත්මීහුද, සිසුදරුවෝ සහ මව්පියවරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.