හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු අත් අඩංගුවට


(ඩී.ජී.සුගතපාල)

හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු අද (25) අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පන්නිල පදිංචි  ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ සේවය කරන රියදුරු කොස්තාපල්වරයෙකි.

ඕමත්ත පාලම අසල මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරින් සැකකරු ගමන් ගත් යතුරු පැදිය නවතා පරික්ෂා කිරිමේදි හෙරොයින් ලිමි ග්‍රෑම් 90ක් පමණ සොයාගෙන ඇත.

පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ සැකකරු මෙයට මාසයකට පමණ පෙර නිවාඩු ලබා පැමිණ ඇති අතර මෙතෙක් සේවයට වර්තා කර නොමැති බව පොලිසිය කීය.