(ඩී.ජී.සුගතපාල)
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් හය දෙනෙකු ගාල්ලේදී අත් අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල-පොලිසියේ දූෂණ මර්ධන අංශය විසින් අද (01) දහවල් කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අවුරුදු 22, 30, 33, 40 පසුවන පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අතර ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් නඩු රැසක් තිබෙන අයෙකු සිටින බවත් පොලිසිය පවසයි.
සැකකරුවන් අද සවස ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
Recommended Articles