හිරන් ප්‍රියංකර ජයසිංහ
වයඹ පළාතේ හෙද පරිපූර්වක හා අතුරු වෛද්‍ය ශ්‍රේණි සඳහා 2017 වසරේ ගෙවිය යුතු හිඟ අතීකාල දීමනා ප්‍රමාද කිරිමට විරෝධය දක්වමින් වයඹ පළාත් සභාවට අයත් රෝහල්වල අදාළ ශ්‍රේණිවල පිරිස් අද (30) සේවයෙන් ඉවත් වී සිටිම නිසා රෝහල් කටයුතු වලට බාධා එල්ල වී තිබිණි.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් පුත්තලම මුලික රෝහලේ හෙද හෙදියන් සහ රසායනාගාර ශිල්පින්, ඖෂධවේදින්, ඖෂධ සංයෝජකයින්, කාර්ය මණ්ඩල වර්ජනයට සහාය පළ කරමින් සේවයට වාර්තා නොකර අසනීප නිවාඩු දැමීම සිදුකර තිබුණි.
මේ හේතුවෙන් ලේ මුතා සහ එක්ස්රේ ඇතුළු රසායනාගාර කටයුතු සම්පුර්ණයෙන් නැවතී තිබු අතර මේ නිසා රෝගීන් දැඩි අපහසුතාවයට පත්විය.
කෙසේ වෙතත් හදිසි ප්‍රතිකාර සහ නේවාසික රෝගීන් වෙනුවෙන් නිළ ඇදුම ඉවත්කර සිවිල් ඇදුමින් සුළු හෙද හෙදියන් පිරිසක් රෝහල් කටයුතු වෙනුවෙන් රැදී සිටිනු දැක ගත හැකි විය.