හුදෙකළා වූ දෙදරු පියාගේ මළ සිරුර කුළී නිවසේ


( පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)
 
සැකකටයුතු අන්දමින් මියගිය බව කියන දෙදරු පියෙකුගේ නරක්වූ මළ සිරුර පල්ලෙවෙල පොලිසිය ආසන්නයේ  කුලී නිවසක නාන කාමරය අසල  තිබියදී අද(  25)  දහවල් සොයා ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
 
මෙසේ අබිරහස් ලෙස මියගොස් ඇත්තේ පල්ලෙවෙල මිහිදුපුර පාරේ කුලී නිවසක හුදකලාව කල් ගෙවා ඇති  කිංස්ලි පෙරේරා සෙනෙවිරත්න 70 නැමැත්තෙක් බවට අදුනාගෙන ඇත. 
 
මියගිය අය රජයේ කාර්යාල අසල රැදී සිටිමින් විවිධ අවශ්‍යතා සදහා එන පිරිස් වෙත අවශ්‍ය සහාය ලබාදී ලැබෙන මුදලකින් දිවි ගැට ගසා ගත් අයෙක් බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.
 
බිරියගේ වියෝවෙන් පසු මෙම අය කුලී නිවසේ හුදකලාව කල් ගත කර ඇති අතර දින කිහිපයකින් ඔහු දක්නට නොලැබුනු නිසා නිවස අයිතිකරුවන් දුරකතන ඇමතුමක් දී ඇතත් එයටද ප‍්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අද (25) නිවසට පැමිණ කළ සෝදිසියේදී  දුගදක් හමන බව දැන ගන්නට ලැබීමෙන් පසු පොලිසියට දැනුම්දී ඇත.
 
අත්තනගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.