හුංගම සති පොළක් පිටුපස හොරොයින් පැකට් කරමින් සිටි අයෙක් අත්අඩංගුවට


(දිලීප් ජයසේකර)
ඇදිරි නීතිය පැවති අවස්ථාවේ හුංගම වාඩිගල සති පොළ පිටු පස සිට හෙරොයින් මත් කුඩු පැකට් කරමින් සිටි සැකකරුවෙකු හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 01යි මිලි ග්‍රෑම් 240ක් සමග මාතර හම්බන්තොට දිසා වැටලිම් ඒකකයේ නිළධාරීන් විසින් අද  (31) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රන්න කහදුවේ පදිංචි 28 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
 
සැකකරු ඇදිරිනීතිය පැවති අද (31) දිනයේ වාඩිගල සතිපොල පිටු පස ස්ථානයක සිට හෙරෙයින් මත් කුඩු පැකට් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 01යි මිලි ග්‍රෑම් 240ක් බරැති පැකට් 22ක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
 
සැකකරු කලක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නිරත ඇති පුද්ගලයෙකු බවයි මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකල ප්‍රශ්ණ කිරිම් වලදී හෙරොය්න ජාවාරම සම්බන්ධයෙන් කරුණු රැසක්ද අනාවරණය කරගැනිමට පොලිසිය සමත් වි තිබේ.සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා හුංගම පොලිසියට බාර දි තිබේ.