හිටපු මහා භාරකාර සෙනෙවිරත්න සමුගනී


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)


විශ‍්‍රාමලත් මහා බාරකාර එන්.එස්.ඒ. සරත් සෙනෙවිරත්න මහතා අද (27) අභාවප‍්‍රාප්ත විය. මිය යනවිට 67 වැනි වියේ පසුවූ සෙනෙවිරත්න මහතා තිදරු පියෙකි.

වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විශාලයේ ආදි ශිෂ්‍යයෙක්වූ සෙනෙවිරත්න මහතා නීතිඥවරයෙකු  ලෙස සේවය කරමින් සිට ගම්පහ හා  මිනුවන්ගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා ලෙසද නියෝජ්‍ය  අල්ලස් කොමසාරිස්වරයා ලෙසද සේවය කිරීමෙන් අනතුරව මහා බාරකාර නතතුරට පත්විය.

ඒ මහතාගේ දේහය හෙට (28) පස්වරුව දක්වා මහජන ගෞරවය සදහා කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අනතුරුව නිට්ටඹුව රුක්මලේ  ඕපත්ඇල්ල නිවසට රැගෙන යාමට නියමිතය.

අවසන් කටයුතු සෙනසුරාදා 30 පස්වරුවේ එහිදී සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි පවුලේ සාමාජිකයෙක් පැවසීය.