(රංජිත් රාජපක්ෂ )
හැටන් නගරයේ කලහකාරි ලෙස හැසිරෙමින් නගරයේ ගාල් කර තිබු ත්‍රිරෝද රථයකට ගල් වලින් පහර දී පුද්ගලයින් දෙදෙනෙකුට පහර දි තුවාල කළ යාචකයෙකු හැටන් පොලිසිය අද (02) අත්අඩංගුවට ගත්තේය.
මානසික රෝගියකින් පෙලෙන බව කියන මෙම යාචකයා හැටන් නගරයේ සිටින අතර අද (02) උදෑසන එකවරම හැටන් නගරයේදි දෙදෙනෙකුට ගල්වලින් පහර දි තුවාල සිදු කර නගර මධ්‍යයේ ගාල් කර තිබු ත්‍රිරෝද රථයකට පහර දි අලාභ හානි සිදු කර ඇත.
කලහකාරි ලෙස හැසිරුණු යාචකයා අල්ලා ගැනිමට ප්‍රදේශ වාසින් උත්සහ කිරීමේදි යාචකයා දිවගොස් හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සැගව සිටියදි ප්‍රදේශවාසීන් අල්ලා පොලිසිය වෙත භාරදි ඇත.