ශාන්ත චන්ද්‍රසිරි
හැටන්- දික්ඔය නගර සභාවේ කැළි කසළ ගැටලුව උග්‍ර වීඇත්තේ එහි හිටපු දේශපාලනඥයන්ගේ බලපෑම් මත නිලධාරින් රජයේ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරිමට මැළිකමක් දැක්වීම නිසා බව මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම, පරිසර කටයුතු, වතු යටිතල පහසුකම් හා හින්දු අධ්‍යපන අමාත්‍ය එම්. රාමේෂ්වරන් මහතා පැවසීය.
හැටන්-දික්ඔය නගර සභාවේ පවතින කැළිකසළ ගැටලුව විසඳීමට හිටපු ආමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා කටයුතු කළද නගර සභාවේ හිටපු ඇතැම් දේශපාලඥයන්ගේ බලපෑම් මත එම කටයුතු කරගෙන යෑමට බධා එල්ල වී ඇතැයිද ඒ මහතා කීවේය.
කැළි කසළ බැහැර කිරීම සඳහා ජනාධිපතිවරයා ලබා දෙන උපදෙස් පවා හැටන්-දික්ඔය නගර සභාවේ ක්‍රියාත්මක නොවීම නිසා කැළි කසළ ගැටළුව හැටන් ප්‍රදේශයේ උග්‍ර ගැටළුවක් බවට පත්ව ඇතැයි ද අමාත්‍යවරයා කීය.

