(ප්‍රසාද් රුක්මල්)
හාලිඇල නගරයේ නිවාස දෙකක සහ වෙළඳසැලක් අද (7) ඇති වූ හදිසි ගින්නකින් විනාශ වී ගොස් දේපළ රැසකට ගින්නෙන් හානි වී ඇතැයි හාලිඇල පොලිසිය පවසයි.
හාලිඇල නගරයේ නුවරඑළිය පාරේ පිහිටි වෙළෙඳසලක්,වසා තිබූ පාලු නිවසක් සහ තවත් නිවසක් මෙසේ ගින්නෙන් විනාශ වී ඇත.
එම අවස්ථාවේ නිවසක සහ වෙළෙඳසලක් තුළ සිටි පුද්ගලයන් 8 දෙනෙකු තුවාල නොලබා දිවි බේරාගෙන ඇතැයි ද පොලිසිය පවසයි.
හාලිඇල පොලිසියේ නිලධාරීන් සහ බදුල්ල මහනගර සභාවේ ගිනි නිවිම් ඒකකයේ ගිනි නිවිම් රථ නිලධාරීන් එක්ව ගින්න අවට නිවෙස් වලට පැතිර යාමට ඉඩ නොදී ගින්න නිවා දමා තිබේ.