හලාවතින් දිනකට කුණු ටොන් 18ක්


( ජුඩ් සමන්ත )

හලාවත නගරයෙන් පමණක් දිනකට කසල ටොන් 18 ක් බැහැර කරන බවත් ඒවා ප්‍රතිචක්‍රීයකරණය කිරීමට ස්ථානයක් නොමැති කම නිසා කසල ගොඩ ගැසීම පමණක් සිදු කරන බවත් හලාවත නගර සභාවේ පරිපාලන නිලධාරීනී (තොරතුරු නිලධාරී) එන්.ඒ.කාන්තිලතා මහත්මිය පැවසුවාය.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ හලාවත නගරයේ කසල බැහැර කිරීමේ තත්ත්වය සම්බන්ධයෙන් යොමු කරන ලද අයැදුම්පතකට පිළිතුරු ලබා දෙමින්  ඇය මේ බව කීවාය.

එකතු වන කසල බැහැර කිරීම සිදු කරනු ලබන්නේ මුන්නේෂ්වරම සහ වැල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩම් දෙකකට බවත් එම ස්ථාන වල කරන්නේ කසල ගොඩ ගැසීම මිස ප්‍රතිචක්‍රීයකරණ කිරීමක් නොවන බවත් ඒ මහත්මිය සදහන් කරයි.

ආරච්චිකට්ටුව - රාජකදළුව ප්‍රදේශයේ රජයට අයත් අක්කර 05 ක ඉඩමක් මේ වන විට ඉල්ලුම් කර ඇති නමුත් එය මෙතෙක් ලැබී නොමැති බවත් එහි සඳහන් වෙයි.

එම ඉඩමේ කසල ප්‍රතිචක්තීකරණ ව්‍යාපෘතියක් පවත්වා ගෙන යාම සදහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කර ඇති නමුත් ඉඩම මෙතෙක් නොලැබීම නිසා කසල ගැටළුවට විසදුමක් ලබා දීමට නොහැකි බවද ඇය සපයා ඇති පිළිතුරු පතේ සදහන් කර ඇත.