(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
හදිසි ගින්නකට හසුවීමෙන් හලාවත මුලස්ථාන පොලිසියේ රථවාහන ඒකකයේ ස්ථානාධිපතිගේ බව කියන නිවසක් අද (23) දහවල් මුළුමණින්ම විනාශ වි ඇතැයි හලාවත පොලිසිය කියයි.
හලාවත මයික්කුලම අසරප්පා වත්තේ පිහිටි එම නිවසේ හලාවත මුලස්ථාන පොලිසියේ රථවාහන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සමරතුංග මහතා පදිංචිව සිටි බව පොලිසිය පවසයි.
ඒ මහතා සහ පවුලේ පිරිස මෙම ගින්න හට ගත් අවස්ථාවේදි නිවසේ රැඳී සිට නැත.
පොලිසිය ඇතුළු පිරිස එක්ව ගින්න නිවා දැමු නමත් නිවසට හා එහි තිබු ගෘහ භාණ්ඩවලට දැඩි හානි වී ඇති බව පොලිසිය කියයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.