(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මුන්නේශ්වරම හලාවත ජල යෝජනා ක්‍රමය අසළ මහ මග තිබි මළ සිරුරක් අද (6 ) උදෑසන හමුවු බව හලාවත පොලිසිය කියයි.
පොලිස් හදිසි ඇමතුම් අංකය උදේ ලැබුණු දුරකතන පණිවුඩයක් අනුව පොලිස් නිලධාරින් පිරිස හලාවත කුරුණෑගල මාර්ගයේ සිද්ධිය වු ස්ථානය වෙත ගිය අවස්ථාවේ දි මාර්ගයේ සිරුර හමු වු බව කියයි.
මිය අය තම පුතුවන වර්ණකුලසුරිය සුරංග සාගර ජයසිංහ ලෙස ඔහුගේ පියා වන මුගුණුවටවන වැටියකැලේ ශාන්තිගම පදිංචි ඩබ්ලිව් .එම්මානුවෙල් ජයසිංහ මහතා විසින් හදුනාගෙන ඇති බවත් පොලිසිය කියයි.
ඉතාලියේ රැකියාවක නිරතව මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි මිය ගිය අය මෙසේ මෙම ස්ථානයේ මිය ගොස් ලේ විලක වැටි සිටිම අභිරහසක් වන අතර අද ( 6 දා ) අලුයම කිසියම් වාහනයක ගැටි සිදුවු අනතුරකින් හෝ කිසිවකු පහර දි මෙම මරණය සිදු කර ඇති බවට සැක කරණ බවත් පොලිසිය කියයි. මිය ගිය අය ඊයේ ( 5 ) රාත්‍රි අවමගුල් නිවසකට ගොස් අද ( 6 දා ) අලුයම හලාවත නගරය බලා එන අතර මෙලෙස මරණයට පත්ව ඇති බවත් කියයි.
මේ වන විට මෘත ශරීරය හලාවත දිස්ත්‍රික් සමහ රෝහල කරා ගෙනැවිත් ඇති අතර පශ්චාත් වෛද්‍ය පරික්ෂණයකට ලක් කිරිමෙන් පසු මෙම මරණයට හේතු අනාවරණය කර ගත හැකි බවත් මිය ගිය අයගේ සිරුරේ ඇති තුවාල අනුව මෙම මරණය අබිරහසක් වන බවත් පොලිසිය කියයි. හාලවත පොලිසිය පරික්ෂණ සිදු කරයි.