හල්දුම්මුල්ල ගම්මිරිස් ගොවීහු වීදි බසිති


(සමන් පාලිත නානායක්කාර)
 
ගම්මිරිස් මිල විශාල වශයෙන් පහත වැටීමට එරෙහිව සහ ඊට සහතික මිලක් ලබාදෙන ලෙස ඉල්ලා හල්දුම්මුල්ල ගම්මිරිස් ගොවීහු අද(15) හල්දුම්මුල්ල, බෙරගල මංසන්ධියේදී විරෝධතාවක නිරත වූහ.
 
ගම්මිරිස් ගොවීහු 200 ක පමණ පිරිසක් මීට එක්ව සිටියහ.
 
පැය දෙකකට අධික කාලයක් මොවුහු විරෝධතාවේ නිරතවූහ.