සමන් පාලිත නානයක්කාර
හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේ ආපන ශාලාවක් මුද්‍රා තබා එහි හිමිකරුවන් ඇතුළු පිරිස නිරෝධායන ලක් කළ බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා පැවසී ය .
නිවාඩු ලැබූ වැලිසර නාවික හමුදා සෙබළුන් ප්‍රවාහනය කළ බස්රථ දෙකක් ඉකුත් 20 දින එන අතරතුර මෙම ආපන ශාලාවේදී ආහාර පාන ලබා ගැනීම මීට හේතුව බව ඒ මහතා පැවසීය.
ආපන ශාලා හිමිකරු පී සී ආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව ඇති බවද එම ආපන ශාලාවට ආ ගිය අය පිළිබඳව විමර්ශනය සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය .
හල්දුම්මුල්ල ඌවතැන්න ආපනශාලාවකට මුද්‍රා තබයි
Recommended Articles