හරක් හොරකමේ ගිය කාරය ගිනිගනී


(දීපාල් ද සිල්වා)

ගාල්ල, බද්දේගම පලාමුල්ල පාරේ බෝක්කුව අසල අද(14) අලුයම ගවයන් දෙදෙනකු සොරකම් කරගෙන පළායමින් තිබූ මෝටර් රියක් ගිනිගෙන විනාශ වූ බව බද්දේගම පොලිසිය පවසයි.

ගවයන් පටවාගෙන ගමන් කරමින් තිබූ මෝටර් රිය මග හරස්කරමින් නවතාගෙන සිටි ප්‍රදේශවාසීහු පොලිසියට දන්වා ඇති අතර පොලිසිය පැමිණෙන විට සැකකරුවන් දෙදෙනකු පළාගොස් ඇත. ප්‍රකෝප වූ පිරිස් හි සිටි එළදෙනක හා පැටවකු බේරාගෙන පොලිසියට බාරදී මෝටර් රියට පහරදී ඇති අතර පොලිසිය පැමිණ පිරිස ඉවත්කර විමර්ශන කරද්දී රථයේ ඉදිරිපසින් ක්ෂණිකව ගින්නක් හටගෙන ඇත.