හරක් 17ක් සමග හතරක් සැකපිට


(දීපාල් ද සිල්වා)

බලපත්‍ර නොමැතිව හිංසාකාරි ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් සිටි බව කියන ලොරි රථ දෙකක් සමග සැකකරුවන් සිව් දෙනකු ස්ථාන දෙකකදී අද(22) අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය කියයි.

ගවයින් 17 දෙනකු ද ඒ සමග තම බාරයට ගත් බව පොලිසිය කියයි.එම රථවල රියදුරන් පලා ගොස් ඇති අතර ඒ සමග පැමිණි වැන් රථයක් ද පලා ගොස් තිබේ .

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අලුත්ගම දර්ගා නගරයේ පදිංචි කරු‍වෙකි.සිරවීම නිසා ගවයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.