හම්බන්තොටින් මැතිවරණ පැමිණිලි 284ක්


(සනත් ගමගේ)
 
මැතිරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 284 ක් අද (11) දිනය වනවිට දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකයට ලැබී ඇති බව එම ඒකකය භාර නිලධාරී කේ. සුමනදාස මහතා කීය.
 
ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි කිසිවක් මෙතෙක් වාර්තා වී නැති බවත්, බැනර් පෝස්ටර්, කටවුට් ප්‍රදර්ශනය කිරීම් බැන වැදීම් වැනි සුළු පැමිණිලි දිගින් දිගටම ලබෙමින් පවතින බවත්, ඒ සියලු පැමිණිලි සම්බන්ධයෙන් සොයාබැලීමට නිලධාරීන් අදාළ ස්ථානවලට ගොස් ඇති බවත්, මැතිවරණ නීතිරීතිවලට අයත් නොවන  සියලුම ප්‍රචාරක  කටයුතු ඉවත් කිරිමට පියවර ගත් බවත් ඒ මහතා සඳහන් කළේය. බොරු පැමිණිලිද මේ අතර ඇති බව සුමනදාස මහතා කීය.