(අනීෂා මානගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපා ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී පැවතීමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කර ගමනාගමනය සඳහා ඉඩ සලස්වා තිබේ.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක පවුල් 362ක් මේ වන විට අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
තංගල්ල වීරකැටිය ප්‍රධාන මාර්ගය ඊයේ (29) පෙරවරු කාලයේ සිට තවදුරටත් වසා දමා ඇති අතර කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය තංගලු වෙල්යාය අසලින් ජලයෙන් යටවී ඇත.
වීරකැටිය, තංගල්ල, බෙලිඅත්ත, වලස්මුල්ල, තිස්සමහාරාම ආදී ප්‍රදේශ රැසක නිවෙස් විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබේ.