හබරණ දී කුඩු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට




(ක.ග කරුණාරත්න)
 
හබරණ, දඹුල්ල, මින්නේරිය, හිඟුරක්ගොඩ ආදී ප්‍රදේශවලට හෙරොයින් මත්කුඩු බෙදාහැරීමේ නිරතව සිටි ජාවාරම්කරුවකු මත්කුඩු ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 180 ක තොගයක් ද සමඟ අද (21) හබරණ, සෙවනගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි.


හබරණ, සෙවනගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස රැකියාව කරන අතර කොළඹින් මත්කුඩු ගෙනැවිත් හබරණ සහ අවට ප්‍රදේශවලට බෙදා හරින බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇත.


හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයකු ළඟ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 100 ක් හබරණ දී පොලිසිය අත්අඩංගුවට ගෙන එම තරුණයාගෙන් ප්‍රශ්න කිරීමේදී මේ ජාවාරම්කරු පිළිබඳව තොරතුරු අනාවරණය වූ බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු සඳහන් කළහ.