හපුතලේ කැල්බර්න් වතුයායේ ගින්නක්


(ඩී.කේ.රත්න සහ සමන් පාලිත නානායක්කාර)

හපුතලේ කැල්බර්න් වතුයායට ඉහළ රක්ෂිතයේ ඇති වූ හදිසි ගින්නකින් අද (18) සවස එම රක්ෂිතයේ අක්කර දෙකක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි හපුතලේ පොලීසිය පවසයි.

මෙම ගින්න ඇතිවීමත් සමඟ හපුතලේ පොලීසිය, හපුතලේ නගර සභාව සහ කැල්බර්න් වතුයායේ වතු කම්කරුවන් එක්ව ජනාවාස ප‍්‍රදේශවලට යා නොදී නිවා දමා තිබේ.

කිසියම් පුද්ගලයකු විසින් සතුන් දඩයම් කිරීම සඳහා හෝ විනෝදයට රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප - සමන් පාලිත නානායක්කාර)