(සමන් පාලිත නානායක්කාර)
පවතින වැසි තත්වය හේතුවෙන් කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතල බෙරගල අතර ප්‍රදේශයට අද(30) සවස ගල් කිහිපයක් පෙරැළී ඇති බව හපුතලේ පොලිසිය කියයි.
පෙරළී තිබූ ගල් කඩිනමින් මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව පොලිසිය පවසයි.දැඩි වර්ෂාව හේතුවෙන් ඉහළ කඳුවැටියෙහි වූ ගල්, තවදුරටත් ප්‍රධාන මාර්ගයට පෙරලුණහොත් අනතුරු සිදුවිය හැකි බව පොලිසිය පවසයි.
ගල් පෙරළීමේ අවදානම තවදුරටත් පවතින බැවින් විමසිලිමත්ව එම මාර්ගයේ රථ ධාවනය කරන්නැයි ද පොලිසිය රියැදුරන්ට දැනුම් දෙයි.