හන්තාන කඳුවැටියේ හතර කණුව පෙදෙසේ නාය යාමේ ලක්ෂණ මතුව ඇති බැවින් පසුගිය සතියේ දී ඉවත්කළ පවුල් 72ක 250 ක පිරිසට අමතරව අද තවත් පවුල් 12කට තම නිවෙස්වලින් ඉවත්වන්නැයි උපදෙස් දී ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ අයි.ඒ.කේ.රණවීර මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් මත ඔවුන් ආරක්ෂිත ස්ථානවලට ගෙන ගොස් ඇති බවයි. පහත හේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉවත්කර සිටින පවුල්වල සාමාජිකයන්ට අවශ්‍ය පහසුම් සලසන බව ද ආපදා කළමනාකරණ ඒකකය පවසයි.