සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලන්කන් ලයන්ස් ක්‍රිකට් සමාජය දෙවැනි වරටත් සංවිධානය කරන සය සාමාජික “ශ්‍රී ලන්කන් ලයන්ස්” ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 12 වැනි සඳුදා උදැසන 7 සිට දමාම් රාකා සාබ්සා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය පවසයි.
ශ්‍රී ලාංකකයින්ගෙන් සැදුම්ලත් ක්‍රීඩා සමාජ වලට පමණක් සහභාගී විය හැකි මෙම තරගාවලිය ක්‍රීඩා සමාජ 30 කට පමණක් සිමා කර ඇති අතර ඉල්ලුම් පත් භාර ගැනීම දැන් සිදු කෙරේ.
සෙලාන් බැංකුව ප්‍රධාන අනුග්‍රාහකත්වය දරයි. සම අනුග්‍රාහකත්වය පීසී කාර්ගෝ ආයතනය දරන බව සංවිධායක කමිටුව පවසයි. වැඩි විස්තර සදහා නවා ....0501675049 දීබන් 0502815851 ,රමේෂ්,0554938949,ඉන්දික ;0591332264 සහ ගෝමස් ;0550345920 ඇමැතිය හැකිය.


