සෞඛ්‍ය සහයකගේ ක්‍රෙඩිට් කාඩ්පතින් සල්ලි ඇදලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

හොරණ මූලික රෝහලට ඇතුළු වූ පුද්ගලයකු සෞඛ්‍ය සේවා කාර්ය සහයක වරයෙකුගේ ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් සොරාගෙන රුපියල් 12,500 ක මුදලක්  ලබාගෙන ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි .

සොරකමට පැමිණි පුද්ගලයා  මුදල් පසුම්බියේ තිබූ රුපියල් 2000 ක මුදලක් ද සොරා ගෙන ඇත.

ව්‍යායාම් කරන ඒකකයේ ජනේලය කිසියම් බර අවියක් යොදා විවෘතකර ඇතුලු වී තිබූ පුද්ගලයකු  සෞඛ්‍ය සේවා කාර්ය සහයකගේ ලොකරය කඩා  මුදල් පසුම්බිය  ගෙන මෙම සොරකම සිදුකර තිබූ බව පොලිසිය කියයි.

පැමිණි සොරා කෙඩිට් කාඩ් පත් තුළින් මුදල්  ලබාගන්නා අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා කාර්ය සහයක වරයාගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩ ලැබී ඇති අතර ඔහු  පැමිණ පරික්ෂා කිරීමේදී සොරකම පිළිබඳ  අනාවරණය වූ බව පොලිසිය කියයි

කෙඩිට් කාඩ් පත් වල රහස් අංකය මුදල් පසුම්බිය තුල කොලයක ලියා තිබී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම සොරකම සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය