(ඩබ්. ඒ. පියතිලක)
සෝමාවතිය ජාතික උද්‍යානයට අනවසරෙන් ඇතුළු වී, එහි ශාක විනාශ කිරීමට තැත් කළ තිදෙනෙකුට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා අද(10) රුපියල් එක් ලක්ෂ පන්දාහක දඩමුදලක් නියම කළේය.
අත්අඩංගුවට ගත් ස්වයංක්‍රිය දම්වැල් කියතක් ඇතුළු උපකරණ රාජසන්තක කිරීමට ද නියෝග කෙරිණි.
සෝමාවතිය ජාතික උද්‍යානයට වටිනා ගස් කපාගෙන යාමට තිදෙනකු ඇතුළු වී ඇති බවට ලද තොරතුරක් මත, උද්‍යාපනයේ නිලධාරීන් සහ පොළොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් එක්ව ඊයේ(09) කළ මෙහෙයුමකදී පෙරියාරු ගග අසන්නයේ මලල් ආරු ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගැනුණි.
ස්වයංක්‍රිය දම්වැල් කියතක්, විදුලි පන්දම් 3ක් සහ ඔරු පැදීමට යොදාගත් හබල් 2ක් සිය බායරට ගත් බව සෝමාවතිය ජාතික උද්‍යාන පාලක ඩබ්. එච්. එල්. කේ. වාසල මහතා පවසයි.
මෙම වැටලීම සඳහා අඩවි ආරක්ෂක ඩබ්. එච්. එල්. කේ. වාසල අඩවි ආරක්ෂක සුනිල් ශාන්ත, අඩවි සහකාර එස්. ඒ. වික්‍රමසිංහ, අඩවි ආරක්ෂක පාලින්ද , වන සත්ව නියාමක සමීර, අසංක ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.


