සෝමාවතිය ජාතික උද්‍යානයේ දැව ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට


(ඩබ්. ඒ. පියතිලක)
 
සෝමාවතිය ජාතික උද්‍යානයට ඇතුළු වී එහි වූ දැව නීතිවිරෝධී  ලෙස  ප්‍රවාහනය කරමින් සිටි  සිව්දෙනෙකු අද (21) අත්අඩංගුවට ගත් බව සෝමාවතිය වනජීවී කාර්යාලයේ නිලධාරීහු පවසති.
 
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ  තඹාල, ඕනැගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්  සිව්දෙනෙකි.
 
මෙම පුද්ගලයින් කලක පටන් නීතිවිරෝධීව රහසේ සෝමාවතිය ජාතික උද්‍යානයට ඇතුළු වී එහි ගස්වලට ගිනි තබා දර ලෙස රැගෙන යන බවට ලැබුණු තොරතුරු අනුව කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් කරත්ත සහ පුද්ගලයින් අද හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.