අඩු පීඩන කලාපය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් පවතින බැවින් පවතින වැසි සහිත කාලගුණය තරමක් අඩුවනු වන නමුත් තද සුළං තත්ත්වය තවදුරටත් දින කිහිපයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. උතුරු, උතුරු මැද, වයඹ පළාත්වල සහ ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ තැනින් තැන ඉතා තද වැසි වර්ධනය වන බවත් එය මිලි මීටර්100-150 ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුර, ඊසාන සහ මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශවල සුළං වමාවර්ථව හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත වූ දිශාවලින් හමා එයි. සුළගේ වේගය පැයට කිලෝ මීටර් 50-60 ක් පමණ වේ. සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර් 70 පමණ දක්වා ඉහළ යා හැකියි.