සුරියවැවදී වූ ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් වැලිගෙපොළින් අත්අඩංගුවට


(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

  ඉකුත්   මාර්තු  මාසයේ  සුරිය වැව පොලිස් බල ප්‍රදේශයේ   සිදු  කල  මිනිස්  ඝාතනයකට සම්බන්ද   සැකකරුවෙකු  අද  (08) පස්වරුවේ දි   අත්අඩංගුවට  ගත් බව වැලිගෙපොල    පොලිසිය පවසයි.

දික්වැල්ල ,මාතර  ලිපිනයේ පදිංචි (43) හැවිරිදි පුද්ගලයෙකු  මෙලෙස අත්අඩංගුවට  ගෙන  ඇතැයි  වැලිගෙපොල පොලිසිය කියයි.
 
සැකකටයුතු  ලෙස  පුද්ගලයෙකු වැලිගෙපොල මැදගමිඔය  ප්‍රදේශයේ  සැරිසරන  බවට  ලද  තොරතුරුකට අනුව  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
 මොහුගෙන්  ප්‍රශ්න කිරිමෙිදි අණාවරණය වි ඇත්තේ  ඉකුත්  මාර්තු මාසයේ  සුරියවැව  පොලිස් බල ප්‍රදේශයේ  ප්‍රදේශයේ සිදු  කල මිනිස් ඝාතනයකට  සම්බන්ධ  බවයි.
 
ඒ හේතුවෙන්   මොහු ප්‍රදේශයේ  පලා  විත්  වැලිගෙපොල ප්‍රදේශයේ   තැනින් තැන   සැගව සිට ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරැගෙන්  ප්‍රකාශ සටහන් කර   ගැනිමෙන්  අනතුරව  වැඩිදුර  පරික්ෂණ සදහා   සුරිය වැව  පොලිසියට භාර දිමට නියමිතව ඇති බව වැලිගෙපොල පොලිසිය පැවැසිය.