සුරා සූදුවෙන් දුරස්වන බවට පාසල් සිසුහු දහසක් දිවුරති


උඩුගම රවී ලියනගේ
ධර්මපාලතුමාගේ 153 වන ගුණ සමරුවට සමගාමීව ගැබිණි මාතාවන් 153 කට උපකරණ බෙදාදීම සහ පාසල් දරු දැරියන් දහසක් මත්වතුර, මත්ද්‍රව්‍ය, සහ ගවමස් කෑමෙන් වළකිනබවට දිවි හිමියෙන් තොරවන බවට ප්‍රතිඥා දුන්හ.  
දකුණු පළාත් අනගාරික ධර්මපාල අනුස්මරණ අධ්‍යයන කේන්ද්‍රය මගින් සංවිධානය කළ මෙම උත්සවය ගාල්ල නගර සභා ශාලාවේදී , කැලණිය විශ්ව  විද්‍යාලයේ සංස්කෘතික භාෂාව පිළිබඳ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.