(දිලීප් ජයසේකර)
පොල් ලෙලි හා දහයියා ප්‍රවාහනය කරන මුවාවෙන් සුදු හදුන් ජාවාරමක නිරත වු පුද්ගලයන් සිව් දෙනෙකු හම්බන්තොට අධිවේගී පිවිසුම ආසන්නයේ අතුරු මාර්ගයේදී හම්බන්තොට පොලිසියේ දුෂණ මර්දන අංශයේ නිළධාරීන් විසින් අද (11) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිමඩ ගුරුතලාව හා බෝගහකුඹුර පදිංචි 38,24 හා 42 හැවිරිදි සැකකරුවන් තිදෙනෙකු හා අම්බලන්තොට මැලේකොළණිය පදිංචි 33 හැවිරිදි සැකකරුවෙකි.
වැලිමඩ පදිංචි සැකකරුවන් තිදෙනා හම්බන්තොට මරේ පාරේ දින තුනක් තිස්සේ නවාතැන් ගෙන සිට අම්බලන්තොට මැලේකොළණීයේ පදිංචි පුද්ගලයෙකු සමග සම්බන්ධ වී රන්න,හුංගම හා නෙටොල්පිටිය ප්‍රදේශවලන් සුදු හදුන් ගස් මිළදී ගෙන ඒවා කුට්ටිකර වාහන දෙකකින් වැලිමඩට ප්‍රවාහනය කිරිමට යාමේදී අත්අඩංගුවට පත්ව තිබේ.
ලොරි රථ දෙකක් සමග සුදු හදුන් කිලෝ 158ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට පත් සුදුහන් වල වටිනාකම රුපියල් දොලොස් ලක්ෂ හැට හතර දහසක් පමණ වන බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් කුඩා බට්ටා වර්ගයේ ලොරි රථ දෙකකින් මෙම සුදුහදුන් උඩින් දහයියා හා පොල් ලෙලි දමා ප්‍රවාහනය කිරිමට සැළසුම් කර තිබුණි.හම්බන්තොට නාවික හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද ඔත්තුවකට අනුව මෙම වැටලිම සිදුකර තිබේ.අත්අඩංගුවට පත් සැකකරුවන් සිව් දෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
තංගල්ල කොට්ඨාශබාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය,සහකාර පොලිස් අධිකාරී ජයශාන්ත ද සිල්වා,හම්බන්තොට මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති කේ.ජී.එම්.එස්.ප්‍රියන්ත යන මහත්වරුන්ගේ අපදෙස් පරිදි හම්බන්තොට දුෂණ මර්ධණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක අමිල දිනේෂ්,පොලිස් කොස්තාපල් වරුන් වන (67264)ප්‍රගීත්,(92765)ශානක හා (93691)අතපත්තු යන නිළධාරීන් එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.




