සුදු බාල දක්ෂයෝ පන්සල් යති : භාවනා කරති


බර්මින් නගරයේ බාලදක්ෂ කණ්ඩායමක් පසුගියදා එංගලන්තයේ බර්මින්හැම් මහාවිහාරය වෙත පැමිණියේය. කණ්ඩායම භාරව පැමිණි බාලදක්ෂ නායකයා පැවසුවේ රුපවාහිනියේ සහ අනෙකුත් ජන මාධ්යියන්හි මෙන්ම අන්තර් ජාලයේද බර්මින්හැම් මහා විහාරය පිළිබඳව විස්තර දුටු පසුව එම ස්ථානය දැක බලාගැනීමටත් බුදුදහම පිළිබඳ සරල හැඳින්වීමක් ලබාගැනීමටත් බාලදක්ෂ කණ්ඩායමේ බොහෝ දෙනා අතර  උනන්දුවක් පැවති බවයි.

විහාරාධිපති ආචාර්ය විතාරන්දෙණියේ කස්සප හිමියන් සහ විහාරවාසී ආචාර්ය මහමිතවල පඤ්ඤාරතන හිමිවරුන් කණ්ඩායම විමසා සිටි බොහෝ තොරතුරු පිළිබඳව විස්තර කළහ.  කෙටි භාවනා වැඩසටහනක් සඳහා ද සියලු දෙනාම සහභාගී කරවා ගනු ලැබුහ. භාවනා වැඩසටහන පිළිබඳව සියලුදෙනා අතරම පැහැදීමක් ඇතිවු බවත් අඩුවශයෙන් මාසයකට වරක්වත් විහාරස්ථානයට පැමිණ භාවනා පුහුණුවීම් සඳහා සහභාගි වීමට කැමැත්ත පළ කරන ලද බවත් බාලදක්ෂ කණ්ඩායම් නායකයා පැවසුවේය.

01[1] 09[1] 13[1] IMG_1109[1]