සීගිරියේ උද්ඝෝෂණයක්


(කාංචන කුමාර ආරියදාස )
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ සේවකයෝ පිරිසක් අද (26) පස්වරුවේ සීගිරිය පිවිසුම් මාර්ගය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

පසුගිය 2019 වසරේ සේවකයන්ට ගෙවිය යුතු ප්‍රසාද දීමනාව ( බෝනස්)  ලබාගැනීම 2020 ජනවාරි පළවෙනිදා සිට නව වැටුප්  ක්‍රමය  ක්‍රියාත්මක කරවීම සිදු කරන්නැයි ඉල්ලමින් ඔවුහු මෙම විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුන් කියා සිටියේ හිටපු විෂයභාර අමාත්‍ය වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදල මුදල් අවභාවිතා කිරීම හේතුවෙන් උග්‍ර මූල්‍ය අර්බුදයක් මෙහි පවතින බවය.