සීගිරි කැටපත් පවුරේ ගීත ගායන කිරීමේ තරගාවලිය


(කාංචන කුමාර ආරියදාස)

ඉතිහාසයේ පළමු වතාවට පාසල් දරුවන් ඒකරාශි  කර සීගිරි කැටපත් පවුරේ ලියැවී ඇති ගීත හා කවි තනු නිර්මාණය කර වාදන භාණ්ඩ සහිතව ගායනා කිරීමේ තරගාවලියක්  පුරාවිද්‍යා සතිය වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සහ  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව 07 දින පස්වරුවේ  සීගිරියේදී පැවැත්විණි.


සීගිරිය ජල උද්‍යානදී  කැටපත් පවුර පිටු පසින් පෙනෙන ආකාරයට මෙම ගීත ගායනා තරගවලිය පැවැත්වීම විශේෂත්වයකි.


සිගිරි  කලාපයේ පාසල් වල සංගීත අංශ අතර  පැවති මෙම කුරුටු ගීත ගායනා තරගාවලියෙන් දඹුල්ල  වෑවලවැව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම ප්‍රථම ස්ථානය හිමි කරගත්තේය.

 එම  කණ්ඩායම විසින් සීගිරි කැටපත් පවුරේ ලියැවී තිබූ

 කොමුල් අමඩ් ලෙඩ් ලිනසී., ඒ බොන්ද මියුර් යහ බැ සී.
 එ කපල් දල වන් දිගැ සී ,මන ජල්වයි සිත් නොමුසී,.

 යන ගීතය ඉතා අලංකාරව ගායනා කළහ.

‘එම ගීයේ  තේරුම බවට පත්ව තිබුණේ ඇය දැක්වූ කෝමල සිනහව කොමඩු ගෙඩියක බීජ පන්තියයි. ඇයගේ පිය තෙපල එහි මියුරු මදයයි. දිගු ඇස කොමඩු ගෙඩියේ පිට පොත්ත වැනියි , එවන් ලද මා හදවත දල්වයි සිත ඈ කෙරෙන් නොමුදෙයි.‘ යන්නය.


මෙහිදී තවත් පාසල් 10 ක දු දරුවන් සඳහා ඔබ දුටු සීගිරිය මැයෙන් චිත්‍ර ඇඳීමේ වැඩසටහනක් මෙන්ම  දින දෙකක පුරාවස්තු ප්‍රදර්ශනයක්  ද පැවැත්විණි .මියගිය පුරාවිද්‍යා නිලධාරින් සිහිකර පුෂ්පෝපාහාර දැක්වීමද සිදුකෙරිණි .