(ක.ග.කරුණාරත්න)
දස හැවිරිදි පාසැල් සිසුවියක අපයෝජනය කළ බවට සැකපිට පාසැල් සිසුවෙකු අද(03) අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සිසුවා 15 හැවිරිදි වියේ පසුවෙයි.
නිවෙසේ එම දැරිය පමණක් සිටින අවස්ථාවකදී මෙම සිසුවා ඇය අපයෝජනය කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට පත් සිසුවා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අතවරයට පත් දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහල් ගත කළ බවත් විමර්ශන කරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
මින්නේරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.