සිසුවියක අපයෝජනය කළැයි අයෙක් අත්අඩංගුවට


(නිශාන්ත කුමාර)
 
පාසල් සිසුවියක අපයෝජනය කළ බව කියන තරුණයෙකු   අද (13) සැකපිට අත්අඩංගුවට ගත් බව   කන්දකැටිය පොලිසිය පවසයි.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ   මීගහකිවුල කරමැටිය ප්‍රදේශයේ වයස අවුරුදු 25 ක තරුණයෙකි.
 
වයස අවුරුදු 17ක් වන පාසල් සිසුවිය සහ  ඇයගේ   දෙමාපියන් කළ පැමිණිල්ලක් මත තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.
 
 සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.