(පද්මා කුමාරී කංකානම්ගේ )
පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින්,ගංජා මිශ්‍රිත මාවා නම් මත් ද්‍රව්‍ය අලෙවි කළැයි සැකපිට පනයඩියේ වෙළඳසල් හිමියකු මත් ද්‍රව්‍ය කිලෝ 3 ග්‍රෑම් 100ක් සමග අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
අවට පාසල් සිසුන්ට "මාවා "අලෙවි කිරීමේ දී එම පාසල් තුළ ශිෂ්‍ය නියෝජිත ජාලයක් ද පවත්වාගෙන ගොස් ඇති අතර පළමුවරට මාවා භාවිතා කරන්නන්ට නොමිලේ ලබා දීමේ සම්ප්‍රදායක් ද පවත්වාගෙන ගොස් ඇතැයි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී අණාවරණය වී ඇතැයි පොලිසිය කියයි.