සිසුන්ට මත්කුඩු විකිණු අයෙකු කොහුවලදී අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

කොහුවල ප්‍රදේශයේ උසස් පෙළ පාසල්  දරුවන්  ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත    පුද්ගලයකු මත්කුඩු පැකට්  තොගයක් සමඟ    අද  (4) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ  මත්කුඩු පැකට් 10පමණ  තිබී ඇති අතර මොහු  එක් පැකට් එකක් රුපියල් 300 ක  මුදලකට සිසුන්ට අලෙවි කිරීම සදහා  ඔහුගේ කමිස සාක්කුවේ දමාගෙන සිටි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හොරොයින් ග්‍රෑම් 6 ට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත. 

සැකකරුගේ නිවස පිහිටියේ   කොහුවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට යාබද බවත් එම පාසලේ සිසුන් ප්‍රධාන වශයෙන්  ඉලක්ක  කරගෙන  සැකකරු මෙම ජාවාරම සිදුකරන බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.