සිල්ලර බඩු අස්සේ කුඩු වික්ක යුවළක් දැලේ


(රේඛා තරංගනී ෆොන්සේකා)

සිල්ලර වෙළෙඳ සලක් පවත්වාගෙන යන මුවාවෙන්  තරුණයන්ට අයිස් සහ මනෝවර්ධන කරල් විකුණු බව කියන අඹුසැමි යුවළක් අයිස් මිලි ග්‍රෑම් 40 සහ මත් කරල් 50 සමග  අත්අඩංගුවට ගත්බව මොරටුමුල්ල පොලිසිය කියයි.

පාසල් සිසුන් සහ තරුණියන් ඉලක්ක කර ගනිමින් මේ ආකාරයට මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයේදී මෙම අඹු සැමි යුවළ අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම අඹුසැමි යුවළ කාලයක සිට ඉතා රහසිගතව මෙම ජාවාරමේ නියැලී ඇති බවත් මොවුන් මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.