සිරිපා වන්දනා සමය නිමා කරමින් පිංකම් රැසක්


වෙසක් පොහෝදින සධාතුක කරඬුව හා සමන් දේව ප‍්‍රතිමාව ගල්පොත්තාවෙල රජමහා විහාරයේ මහා දේවමන්දිරයට වැඩම කරවා පුද සත්කාර සහිතව එහි තැන්පත් කිරීමෙන්  පසුව මෙවර ශී‍්‍ර පාද වන්දනා වාරය නිමාවට පත්වන බව ශ‍්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්ම දින්න නාහිමියෝ  ප‍්‍රකාශ කළහ.

රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේ දී පැවැති ශ‍්‍රී පාදස්ථානයේ සිට සධාතුක කරඬුව හා සමන් දේව ප‍්‍රතිමාව වැඩමකරවීමේ පෙරහර සංවිධානය පිළිබඳ විශේෂ සාකච්ඡාවේදී ඒ හිමියෝ මේ බව කීහ.

මැයි 22 වෙසක් දින ශ‍්‍රීපාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප‍්‍රතිමාව හැටන් නල්ලතන්නියේ බෞද්ධ මන්දිරය වෙත වැඩම කරවනු ලබන අතර එදින පස්වරුවේදී මහාසංඝරත්නය සෙත් පිරිත් සජ්ජායානය සිදුකරපසුදා සංඝගත දක්‍ෂිණාවෙන් පසු රථ පෙරහරින් සධාතුක කරඩුව සහ සමන් දේව ප‍්‍රතිමාව වැඩමකරවා පැල්මඩුලූ රජමහා විහාරස්ථානයේ දේව මන්දිරයේ තැන්පත් කිරීමට නියමිතය. එදින පස්වරුවේදී පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ‍්‍රීපාද රජමහා විහාරයේ මහා දේව මන්දිරය වෙත වැඩම කරවා පුද සත්කාර චාරිත‍්‍ර ඉටුකර එහි තැන්පත් කිරීමෙන් පසු  ශ‍්‍රිපාද වන්දනා වාරය නිමාවට පත් වෙයි.