සියලු පාසල් වල සති අන්තයේ ඩෙංගු මර්දන වැඩසටහනක්


(ඉෂාන් සංජිව)

දිවයින පුරා පාසල්වල ඩෙංගු මර්දන වැඩසටනක් 28,29 හා 30 යන තෙදින පුරා ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සියලුම අධ්‍යාපන බළධාරීන් දැනුවත් කර තිබේ.

ඒ අනුව කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් පාසල අද (28) පිරිසිදු කිරිමේ කටයුතු වල නිරත වුහ.