(සුජිත් හේවාජුලිගේ)
එජාප පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු ජනපති කමිටුව හමුවේ පෙනි සිටිමින් ඒ ගිවිසුමට එරෙහිව අද (30) සාක්ෂි දුන්හ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියෝ පැවැසුවේ ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ ඇති අහිතකර වගන්ති ගණනාවක් පිළිබඳව කමිටු සාමාජිකයින්ට පෙන්වා දුන් බවයි.
මෙම වෙළඳ ගිවිසුම පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාව දෙන්නැයි රතන හිමියෝ එම කමිටුවෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබිණි. අද ඒ සඳහා අවස්ථාව ලැබුණේ ඒ අනුවය.
ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳව කරුණු සොයා බැලෙන කම්ටුව අද රැස්වුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය.රතන හිමියෝ අද පස්වරු 5.45ට පමණ කමිටුව හමුවේ පෙනි සිටිමින් මෙසේ සාක්ෂි දුන්හ.
සිංගප්පූරු ගිවිසුම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කෙරුණේ මීට සති කිහිපයක ඉහතදීය.