(කාංචන කුමාර ආරියදා සහ කුෂාන් ජයවර්ධන )
පොලිස් සැරයන්වරයකුගේ මළ සිරුරක් ගල්කිරියාගම කිරලව ඇළක තිබියදී අද (01) පෙරවරුවේ සොයා ගත් බව කැකිරාව පොලීසිය කියයි.
මෙසේ අභිරහස් ලෙස මියගොස් ඇත්තේ ගල්කිරියාගම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් වරයෙකු වූ ඊ .එම් .ගාමිණී ඒකනායක (49 )
හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.
මෙම පොලිස් සැරයන්වරයා කැකිරාව ගල්කිරියාගම පදිංචිකරුවෙකි.
සැරයන්වරයා රාජකාරි නිම වී නිවසට නොපැමිණීම නිසා ඉකුත් ( 29) දින රෑ සිට එක අලුයම දක්වා සොයා බැලූ බව පවුලේ ඥාතීහු පවසති. අනුරාධපුර විශේෂ රාජකාරියකට ගොස් නැවත එමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව ඔවුහු පවසති.
සොයා බැලීමේදී ගල්කිරියාගම මඩාටුගම මාර්ගයේ ඇළ පාරක තිබී සිරුර හමු වූ බවද ඔවුහු පවසති. මෙම අනතුර සම්බන්ධයෙන් කැකිරාව සහ ගල්කිරියාගම පොලිස් ස්ථාන වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කරතිබේ.
පොලිස් විමර්ශන පැවැත්වෙද්දි එම ස්ථානයට හදිසියේම වල් අලියෙකු කඩා වැදීමෙන් රැස්ව සිටි පිරිස අතර නොසන්සුන්තාවයක් ද ඇති විය. අනතුරුව ගල්කිරියාගම වනජීවි කාරයාලයේ නිලධාරීන් පැමිණ වල් අලියා ස්ථානයෙන් පලවා හැරීමට කටයුතු කළේය.


(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස )




(ඡායාරූප - කුෂාන් ජයවර්ධන )

